ලංකාවට සුදුසු දේශපාලන ආකෘතිය
1.ලංකාවේ
භූගෝලීය
පසුබිම
2. ලංකාවේ සමාජයීය පසුබිම
3. ලංකාවේ ආර්ථික පසුබිම
4. ලංකාවේ ආගමික පසුබිම
5. ලංකාවේ දේශගුණික පසුබිම
6. ලංකාව ළඟාකර ගතයුතු අරමුණු
· බල ශක්තිය නිෂ්පාදනය කිරීමට මුහුඳේ පාවෙන න්යෂ්ටික බලාගාර නිර්මාණය කරගත යුතුය . මේ සඳහා 100ට 3 දක්වා පිරිසිදු කරනලද යුරේනියම් වෙනත් රටකින් මිලදී ගෙන නැතහොත් දේශීය වශයෙන් නිස්සාරණය කරගත යුතුය.
· විදුලි බල බලය නිෂ්පාදනය කිරීමට හිරු එළියෙන් විදුළිය නිෂ්පාදනය කරන විද්යුත් කෝෂ අපවිසින්ම නිපදවන කර්මාන්ත ශාලාවන් පිහිටුවා ගත යුතු ය.
· ලංකාවේ ඇති ගංගා සෑහෙන උස් ස්ථාන වලින් පටන් ගන්නා බැවින් අපට අවශ්‍ය ඕනෑම දිශාවකින් ගමන් කරවා වඩා පලදායී ලෙස වගා කළහැකි බිම් ලෙසට ලංකාවේ පොළව සකසා ගැනීමට පුළුවන . මේ සඳහා නළමාර්ග හෝ කෘතීම උමංමාර්ග ප්රයෝජනයට ගැනීමට පුළුවන. උදාහරණ වශයෙන් කළු ගඟ සහ නිල්වලා ගඟ සැලකිල්ලට ගතහොත් මේවා මඟින් ගලයන ජල ධාරිතාව ඉතාමත් වැඩිය . මේ ජල ධාරිතාවෙන් කොටසක් වඩාත් වියළි ප්රදේශ වන හම්බන්තොට සහ වව්නියාව වැනි ප්රදේශ වලට ගෙනයාමට භූගත උමං හෝ මතු පිටින් දිවෙන නළ මාර්ග භාවිතා කිරීමට පුළුවන.